Monday, April 29, 2024

General line - 0115112241

කාබුල් නුවර ඇල්ලු තලෙයිබාන් සටන්කාමින් දැන් සිදුකරනා දේ (VIDEO)




ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තලෙයිබාන් සටන්කාමින් විසින් යටත් කර ගැනීමත් සමග දහස් සංඛ්‍යාත වැසියන් රටින් පළා යෑමට තැත් කරමින් සිටින අවස්ථාවක දී සිදුවූ අපුරූ සිදුවීමක් ගැන වාර්තා වනවා.

තලෙයිබාන් සටන්කාමින් විසින් නගරයේ ඉදිකර තිබු ළමා උද්‍යානයක් තුලට වී විනෝද වෙමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝ පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වනවා.

තලෙයිබාන් සටන්කාමින් විසින් බම්පර්ස් කාර් රථ පදවමින්, කැරකෙන ඔන්චිල්ලා පදිමින් විනෝද වෙමින් සිටින අයුරු එම  වීඩියෝ දර්ශන වල සටහන්වී තිබෙනවා.

මේ අතර තවත් තලෙයිබාන් සටන්කාමින් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරයේ පිහිටි කායවර්ධනාගාරය තුළ ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට නිකුත් වී තිබෙනවා.