Friday, May 10, 2024

General line - 0115112241

ඔක්සිජන් රැගත් නෞකා දෙකක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට




ඉන්දීය රජයෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ඉකුත් 17 වනදා ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව මේ වන විට චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වී තිබෙනවා. 

නාවික හමුදාව පැවසුවේ ශක්ති නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟාවී තිබුණේ ඉකුත් 18 වනදා පස්වරුවේ බවයි.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන ශක්ති නම් නෞකාවක්ද තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගෙන ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත්ව තිබෙනවා. 

ඒ, ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන්. මෙම නෞකාවන් සායනික ඔක්සිජන් රැගෙන ලබන ඉරිදා සවස සහ සඳුදා උදෑසන කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි.  

ඉන්දීය රජයෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් නාවික හමුදාව මඟින් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා  සහයෝගය ලබා දෙන ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං සමඟ සෘජු සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද මෙරටට සායනික ඔක්සිජන් රැගෙන ඒම සඳහා එක්වී ඇත්තේ එහි ප්‍රතිපලයක් ලෙසයි.