Friday, May 10, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් ගැන මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ වෛද්‍යවරයා ආසාදිතයින් ප්‍රතිකාර ලබන වාට්ටුවකට අනියුක්ත කරයි 




කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය යූ එස් ගුණවර්ධන කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන වාට්ටුවකට අනියුක්ත කර තිබෙනවා. 

ඔහු ඉකුත්දා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට මීට වඩා අවධානයකින් කටයුතු කළ යුතු බවයි. 

ඒ අනුව මෙම වෛද්‍යවරයාගේ අත්දැකීම් අනුව කොරෝනා ආසාදිතයින් වෙත උපරිම සේවයක් ලබා ගැනීම සඳහා මෙලෙස කොරෝනා වාට්ටුවකට අනියුක්ත කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ෂෙල්ටන් පෙරේරා පවසනවා. 

ඒ අනුව ඉකුත් බදාදා සිට සති 04 ක කාලයකට මෙම අනියුක්ත කිරීම සිදු කර තිබෙනවා.