Friday, May 10, 2024

General line - 0115112241

ඉන්ධන ගන්න දිගු පෝලිම්




ඉන්ධන හිඟයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමඟ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතිනවා. 

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ රථ වාහනවලට මෙන්ම කුඩා කෑන් සහ ලොරි රථවල දමාගෙන පැමිණි බැරල්වලින් ඉන්ධන රැගෙන යාමට විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හල් අසල රැදී සිටිනු දක්නට ලැබූ බවයි. 

නුවරඑළිය නගරයේද ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනීමට දිගු පොලිම් පවතින බව නෙත් නිවුස් වාරාතාකරු පැවසුවා. 

රථ වාහන රියදුරන් කියා සිටියේ තම වාහනයට ඉන්ධන ලබා ගැනිමට පැය කිහිපයක් ඉන්ධන පිරවුම්හල් අසල රැදි සිටිමට සිදු වු බවයි.

කෙසේ වෙතත් ප්‍රමාණවත් ඉන්ධන තොග රටතුළ පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.