Friday, May 10, 2024

General line - 0115112241

පළමු වරට රට තුල සක්‍රීය කොවිඩ් ආසාදිතයින් 50,000ක් 




පළමු වරට මෙරට සක්‍රිය කොවිඩ් ආසාදිතයින් 50,000 සීමාව අද පසුකරනු ලැබුවා. අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2,825 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියා. 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 380,798ක් වන අතර සක්‍රීය ආසාදිතයින් ගණන 53,198ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ගතවූ දින 04ක කාලයේදී වාර්තා අතරට ඇතුලත් නොවූ තවත් කොවිඩ් ආසාදිතයින් 4,808 දෙනෙකු අද දිනයේදී සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවට එක් කළ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.