Friday, September 20, 2024

General line - 0115112241

බීලා ඇවිත් පොලීසියට පාට් දැමූ පන්නිපිටියේ මසාජ් හිමිකරුට වැඩ වරදී!



පන්නිපිටිය කලල්ගොඩ පාරේ පවත්වාගෙන යන සම්භාහන ආයතනයක හිමිකරුවෙකු බීමත්ව තලංගම පොලීසියට පැමිණ කලහකාරී ලෙස හැසිරීම නිසාවෙන් ඔහුව අත්අඩංගුවට ලක්වීමේ පුවතක් වාර්තා වේ.

කලල්ගොඩ පාරේ පිහිටා ඇති ඔහුගේ සම්භාහන ආයතනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසින්ගෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව තලංගම පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂාවට ලක්කොට ඇති අතර එහිදී එම ව්‍යාපාරයේ හිමිකරු එම ආයතනයේ ඇති ඇතැම් අඩුපාඩු පිලිබඳ වරද පිළිගෙන මධ්‍යම රාත්‍රිය දක්වා එම ආයතනය පවත්වාගෙන නොයාමට එකඟ වි තිබේ.

පසුව ඔහු බීමත්ව පොලිස් ස්ථානයට පැමිණ පොලිසියට බැන වැදී අතර පොලීසිය විසින් ඔහුට අවවාද කොට පිටත්කිරීමට උත්සාහ කළත් ඔහු දිගින් දිගටම අශෝභනව හැසිරීම නිසා පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට තිබේ.