Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවට භූ කම්පනයක්




ඉන්දුනීසියාවේ හෝලන්දියා ප්‍රදේශයට ආසන්නව භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 5.8 ක් පමණ වන බවයි. කිලෝ මීටර් 48 ක් පමණ වන ගැඹුරු භූ පතුලේ එහි අපිකේන්ද්‍රය පිහිටා ඇති බවයි ඉන්දුනීසියාවේ කාලගුණ බලධාරීන් පැවසුවේ. 

භූ චලනයෙන් හටගත් කම්පන තත්ත්වය ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයකටම දැනී තිබුණා. කෙසේවෙතත්, මේවනතෙක් ඉන් සැලකිය යුතු හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.