Monday, April 29, 2024

General line - 0115112241

තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් සහ ඉන්දීය රජය අතර පළමු වරට රාජතාන්ත්‍රික සාකච්ඡාවක්




ඇෆ්ගනිස්තානයේ පාළන බලය අත්පත්කරගෙන සිටින තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් සහ ඉන්දීය රජය අතර පළමු වරට රාජතාන්ත්‍රික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ කටාර් රාජ්‍යයේදී එම සාකච්ඡාව කර ඇති බවයි. 

කටාරයේ ඉන්දිය තානාපති දීපක් නිත්තාල් සහ තලෙයිබාන් සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රධානියා වන මොහොමඩ් අක්බාස් එම සාකච්ඡාවට එක්ව තිබෙනවා. 

ඇෆ්ගනිස්තානයේ සිටින ඉන්දියානුවන්ගේ ආරක්ෂාව පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එහිදී පවතින ගැටලුව සාධනීය ලෙස විසඳාගැනීමට තලෙයිබාන් නියෝජිතයා එකඟතාව පළ කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන්.