Monday, April 29, 2024

General line - 0115112241

උතුරැ කොරියාව කොරෝනා එන්නත් එපා කියයි




ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ උතුරැ කොරියාවට ලබාදුන් එන්නත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

⁣ඩේලිමේල් පුවත්පත වාර්තා කළේ,කොවැක්ස් වැඩසටහන යටතේ ලබාදුන් චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන දෙකයි දශම හතක් පමණ ලබාගැනීම උතුරැ කොරියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

තම රට වෙනුවට ,එන්නත දැඩි ලෙස අවශ්‍යව ඇති වෙනත් රටවලට එය ලබාදීමට පියවර ගන්නැයි උතුරැ කොරියාව දැනුම් දුන් බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත්,ඉදිරියේදී කොරෝනා එන්නත් ලබාගැනීම සදහා අවධානය යොමු කරන බව උතුරැ කොරියානු බලධාරීන් යුනිසෙෆ් සංවිධානය වෙත දන්වා ඇතැයි සදහන්.

චීනයෙන් කොරෝනා වෛරසය පැතිරීම ආරම්භවීමත් සමගම වහාම දේශසීමා වසා දැමූ රටවල් අතර උතුරැ කොරියාව කැපී පෙනෙනවා.

චීනය සමග කිලෝමීටර 1416 ක ගොඩබිම් දේශසීමාවක් බෙදා ගන්නා උතුරැ කොරියාව 2020  ජනවාරි මාසයේ සිට වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීම සදහා සිය දේශසීමා සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

මෙි හේතුවෙන් උතුරැ කොරියාව⁣ට කොරෝනා වෛරසයෙන් එල්ල වී ඇති බලපෑම අවම වුවත් ආහාර හිගය, සහ ආර්ථික දුෂ්කරතා ඇතුළු ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇතැයි සදහන්.