Monday, April 29, 2024

General line - 0115112241

පුද්ගලයින් 4,012 දෙනෙකුට ඊයේ ස්පුට්නික් දෙවන මාත්‍රාව ලබාදෙයි




මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 4,012 දෙනෙකුට ඊයේ ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා. 

මෙරට පුද්ගලයින් එක් ලක්ෂ 59,088 දෙනෙකු මේවනවිට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 41,749 දෙනෙකු මේවනවිටත් එහි දෙවන මාත්‍රාව ද ලබාගෙන අවසන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. 

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී එන්නත් ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 58,994 ක්.