Monday, April 29, 2024

General line - 0115112241

හදිසි නීති රෙගුලාසි පිටුපස මිලිටරීකරණයක් නැහැ - රජය මැති සබයේදී කියයි




අත්‍යවශය ආහාර සැපයීම හා සැගවීම වැළැක්වීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. 

ඒ, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්. 

අයිඑස් මත දරන ශ්‍රී ලාංකිකයෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඉකුත් දා සිදු කළ පිහි ඇනුම් ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සිය ශෝකය පළ කරන බව ද අමාත්‍යවරයා මෙහිදි සදහන් කළා.

අත්‍යවශය ආහාර සැපයීම හා සැගවීම වැළැක්වීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදය ආරම්භ කරමින් අදහස් පළ කළේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ.

මේ, එම විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුබණ්ඩාර.