Friday, May 10, 2024

General line - 0115112241

පකිස්තානය බුද්ධි අංශ ලොක්කා හදිසියේම ඇෆ්ගනිස්තානයට




පකිස්තානයේ රාජ්‍ය බුද්ධි සේවාවෙි ප්‍රධානියා වන ලුතිනන් ජනරාල් ෆායිස් හමීඩ් ඇෆ්ගනිස්තානයට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද සමග ඔහු කාබුල් වෙත පැමිණ ඇති බවයි.

ඇෆ්ගනිස්තානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මාරියම් සුලයෙිමාන්කිම්ට අනුව තලේබාන් සංවිධානය සමාරම්භක නායකයෙකු වන මුල්ලා බර්දාර් රටේ නායකයා බවට පත් කිරීමට පකිස්තානය අකමැත්තෙන් පසුවනවා.

ඒ වෙනුවට,හක්කානි ජාලයට වැඩි බලයක් ලැබෙන පරිදි ඇෆ්ගනිස්තාන පාලනය ස්ථාපනය කිරීම පකිස්තානයේ අරමුණ බව සදහන්.

එහෙත්,තලේබාන් සංවිධානයේ සාමාජික ජාලායන්හි කැමැත්ත පළව ඇත්තේ මුල්ලා බර්දාර්ට නායකත්වය භාරදීමටයි.

ඇෆ්ගනිස්තානයේ නව පාලනය පිළිබද නිල වශයෙන් නිවේදනය කිරීම ප්‍රමාද වී ඇත්තේ ද මෙම හේතුව නිසා බව සදහන්.

මෙි අතර පන්ජ්ෂීර්හි පවතින ගැටුම් නැවැත්වීම සදහා යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ ආගමික කවුන්සල නායකයන් විසින් මෙම යෝජනාව  ඉදිරිපත් කර ඇතිබව සදහන්.

තලේබාන්වරැන්ට එරෙහි උතුරැ සටන් පෙරමුණේ නායක අහමද් ෂා මසූද් සදහන් කර ඇත්තේ තමන් සටන් නවත්වා සාකච්ඡාමය විසදුමක් ලබාගැනීමට සූදානම් බවයි.

එහෙත් තලේබාන් සංවිධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙි අතර ත⁣ලේඛාන් ප්‍රහාරයක් හේතුවෙන් උතුරැ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ඇෆ්ගනිස්තානයේ ප්‍රකට ජනමාධ්‍යවේදීයකු වන මොහොමඩ් ෆාහිම් දාස්ති මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සාම සාකච්ඡා සදහා යෝජනා ඉදිරිපත්ව තිබුණද තවමත් උතුරැ පෙරමුණු හමුදා සහ තලේබාන්වරැන් අතර ගැටුම් පවතින බවයි.

ගැටුම්වලින් දෙපාර්ශවයටම හානි සිදුව ඇති අතර ලක්ෂ දෙකකට වැඩි පන්ජ්ෂීර් වැසියන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව සදහන්.