Saturday, May 4, 2024

General line - 0115112241

තලෙයිබාන් ආණ්ඩුවට එරෙහිව ඇෆ්ගන් කාන්තාවෝ නැගිටිති




ඇෆ්ගනිස්ථානයේ නව අන්තර්කාලීන රජයට එරෙහිව ඇෆ්ගනිස්ථාන කාන්තාවන් සිය විරෝධය පළ කරමින් සිටිනවා. 

ඒ, වත්මන් රජයට කිසිදු කාන්තා නියෝජනයක් ඇතුළත් නොවීමට විරෝධය පළ කරමින්. 

සම්පූර්ණ පුරුෂ මූලික රජයක් පිහිටුවා ඇති බවත් කාන්තා ඇමතිවරුන් නොමැති ආණ්ඩුවක් තමන් පිළිනොගන්නා බවත් විරෝධතාවයට එක්ව සිටින කාන්තාවන් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාබුල් සහ ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්තවල මෙම විරෝධතා පවතින බවයි. 

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් තලෙයිබාන් සංවිධානය අනතුර අගවා ඇත්තේ විරෝධතා පැවැත්වීම නීතිවිරෝධි කටයුත්තක් බවයි. 

ඇතැම් විරෝධතාවලට එක්වූ කාන්තාවන්ට පහරදී ඇති බවත් ඇතැම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රදවාගෙන ඇති බවත් විදෙස් මාධ්‍යයන්හි සදහන්. 

යුරෝපා සංගමය, අමෙරිකාව මෙන්ම බටහිර රටවල් රැසක් තලෙයිබාන් සංවිධානයේ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රතිවිරුද්ධ මත දරමින් සිටිනවා. 

එවන් පසුබිමක චීනය පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථානයට සහායදීමට තමන් සූදානම් බවයි.

ඒ අනුව ඩොලර් මිලියන 31 ක ක්‍ෂණික ආධාර මුදලක් ලබාදීමටයි චීනය තීරණය කර ඇත්තේ.