Saturday, May 4, 2024

General line - 0115112241

උතුරු කොරියාවට ඔලිම්පික් තහනමක් 




ඔලිම්පික් තරගවලට සහභාගිවීම අත්හිටුවමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව උතුරු කොරියාවට තහනමක් පනවා තිබෙනවා. 

ඒ, ඉකුත් ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට කණ්ඩායමක් සහභාගි කරවීමට උතුරු කොරියාව කටයුතු නොකිරීම හේතුවෙන්.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ මෙම තහනම ලබන වසර දක්වා ක්‍රියාත්මක බවයි. ඒ අනුව උතුරු කොරියාවට ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙල අහිමිවනු ඇති. 

ඉකුත්දා ටෝකියෝහි පැවති ඔලිම්පික් උලෙළට උතුරු කොරියාව කණ්ඩායමක් ඉදිරිපත් කළේ නැහැ. 

ඊට හේතුව ලෙස උතුරු කොරියාව දක්වා තිබුණේ කොවිඩ් වෛරසයෙන් ක්‍රීඩකයින් ආරක්‍ෂා කර ගැනීමට මෙම තීරණය ගත් බවයි. 

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව තීරණයත් සමග උතුරු කොරියාවට ඔලිම්පික් කමිටුව ලබාදෙන මූල්‍යාධාර ද අහිමි වනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.