Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම සඳහා අමෙරිකාව විශේෂ ක්‍රියාමාර්ග රැසක්




දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම සඳහා අමෙරිකාව විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සූදානම් වනවා.

 ඒ අතරින් ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත්තේ එන්නත්කරණයටයි. ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ රටේ වැඩකරන ජනතාව කඩිනමින් එන්නත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

රට තුළ ඇති මහා පරිමාණ ආයතනවල සේවකයින් කඩිනමින් එන්නත් කිරීම හෝ සතිපතා කොරෝනා පරීක්ෂණයකට මුහුණදීම සිදු කළ යුතු බවටයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ. 

රජයේ සෙවකයින් මිලියනයක් කඩිනමින් එන්නත් කිරීමටද අපේක්ෂිතයි. 

කාර්ය මණ්ඩල සාමාජිකයින් සියයක් හෝ ඊට වැඩියෙන් සිටින සියලුම පෞද්ගලික ආයතනවලට දැනුම් දී ඇත්තේ සිය සේවකයින් කඩිනමින් එන්නත් කළ යුතු බවයි. 

එමෙන්ම සතියකට වරක් කොරෝනා පරීක්ෂණයක් සිදු කළ යුතු බවටත් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා. මෙම නියෝගය මිලියන 80 ක සේවකයින්ට බලපානු ඇති.

අමෙරිකා දත්තවලට අනුව ඉකුත් අගෝස්තු 03 වන සතියේ සිට එරට දෛනික ආසාදිතයින්ගේ රෝහල්ගතවන්නන්ගේ මියයාම්වලත් යළි වැඩිවීමක් පෙන්නුම් කරනවා. 

මෙම දත්ත වාර්තාවන්නේ අමෙරිකානු වැඩිහිටියන්ගෙන් සියයට 64 ක් මේ වන විටත් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති පසුබිමකයි.