Saturday, May 4, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන්ට තලෙයිබාන් සංවිධානයෙන් පහරදෙයි




ඇෆ්ගනිස්ථානයේ සිටින මාධ්‍යවේදීන්ට තලෙයිබාන් සාමාජිකයින් පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, පහරකෑමට ලක්වූවන්ගේ ඡායාරූප ද ගෙනහැර දක්වමින්. පුරුෂයින්ගෙන් පමණක් සමන්විතව නව ආණ්ඩුවක් බිහි කිරීමට විරෝධය පළ කරමින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් විරෝධතාවල නිරත වන අතර මෙම මාධ්‍යවේදීන් එම උද්ඝෝෂණ ආවරණය කළ අය බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ රැදී සිටි තවත් විදේශීය ජාතිකයින් පිරිසක් එරටින් නික්ම ගොස් තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමෙන් පසු එරටින් පිටත්ව ගිය පළමු විදේශීය කණ්ඩායම මෙයවීමයි. මෙම පිරිසට බි්‍රතාන්‍ය ජාතිකයින් ද ඇතුළුව පුද්ගලයින් 113 දෙනෙකු අයත්ව සිටියා. තවත් ගුවන් යානයක් අද දිනයේ කටාර් බලා පියාසර කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු එරට වැසියන් සහ විදේශිකයින් ඇතුළු එක් ලක්‍ෂ 24,000 ක් එරටින් නික්ම ගොස් තිබෙනවා.