Wednesday, May 8, 2024

General line - 0115112241

පාසැල් ක්‍රිකට් පද්ධතියෙන් ශ්‍රී ලංකාව නිසි ප්‍රයෝජන ලබාගැනීමට විධිමත් ක්‍රමවේදයක්




මෙරට පාසැල් ක්‍රිකට් පද්ධතියෙන් ශ්‍රී ලංකාව නිසි ප්‍රයෝජන ලබාගැනීමට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවකු වන ජයන්ත සෙනෙවිරත්න පවසනවා. 

පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා ක්‍රීඩකයින් අන්තර් සමාජ ක්‍රිකට් තරග සදහා යොමු කිරීමට අතරමැදි තරගාවලියක් පැවැත්වීම යෝග්‍ය වන බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වන අවස්ථාවේදී අන්තර් සමාජ ක්‍රිකට් තලයට ඇතුලුවීමට අවස්ථාව නොලැබෙන ඇතැම් ක්‍රීඩකයින් අසරණ වී සිටින බවද ජයන්ත සෙනෙවිරත්න වැඩිදුරටත් සදහන් කළා. 

මෙරට අන්තර් සමාජ ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කලක් තිස්සේ විවාදාත්මක තත්ත්වයක් පවතිනවා.

ඒ, අන්තර් සමාජ තරගවලදී දක්‍ෂතා දක්වන ඇතැම් ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරගවලදී අසාර්ථකවීමද උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමින්.