Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉන්දීය සංචාරයක 




ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන වසරේ පෙබරවාරී මාර්තු කාල සීමාවේදී ඉන්දීය සංචාරයක නිරත වීමට  නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියා වාර්තා කර තිබෙනවා. 

දෙරට අතර පන්දුවාර 20 තරග 03ක් සහ ටෙස්ට් තරග 02 ක් පැවැත්වෙන බවයි එහි දැක්වුණේ අදාල ටෙස්ට් තරග දෙක ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙනවා. 

මේ අතර අතරමග නවතා දැමූ අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අද සිට ආරම්භ වනවා. 

පළමු තරගය අද ඩුබායිහීදි පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන් සහ චෙන්නායි සූපර් කිංග්ස් කණ්ඩායම් අතරයි.