Thursday, May 9, 2024

General line - 0115112241

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ බහුජාතික සමාගම් රැසක ප්‍රධානීන් අතර හමුවක්




සිය හත්වන ඇමරිකානු සංචාරයේ, නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම් රැසක ප්‍රධානීන් හමුවී තිබෙනවා.

විදෙස් මාධය වාර්තා කළේ,අගමැති මෝදි බ්ලැක්ස්ටෝන් ,ඇඩෝබි, ජෙනරල් ඇටමික් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ ප්‍රධාන පෙළේ සමාගම් රැසක ප්‍රධානීන් හමුව ඇති බවයි.

ඉන්දියාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් අගමැතිවරයා මෙහිදී කරැණු පෙන්වා දී තිබෙනවා.

විදෙස් ආයෝජනවලට හිතවාදී, ඉන්දීය රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එම සමාගම් ප්‍රධානීන් සිය ප්‍රසාදය පළ කර ඇති බව සදහන්.

මෙි අතර අගමැති නරේන්ද්‍ර මෝදි, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ උප ජනාධිපති කමලා හැරිස් ද හමුවී සාකච්ඡා කර තිබෙනවා.

සිය ඇමරිකානු සංචාරයේ දී ක්වාඩ් රටවල රාජ්‍ය නායක සමුලුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමද අමතනු ඇති.