Tuesday, May 7, 2024

General line - 0115112241

බ්‍රසීල ජනපතිට එරෙහි විරෝධතා දරුණු අතට




බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝ ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එරට වැසියන් දහස් ගණනක් විරෝධතාවයේ නිරත වී සිටිනවා. 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ කොරොනා වසංගතය පාලනය කිරීමට බ්‍රසීල ජනාධිපතිවරයා අපොහොසත් වීම හේතුවෙන් එරට වැසියන් මෙලස විරෝධතාවයක නිරත වන බවයි. 

රියෝද ජැනැයිරෝ, සාවෝ පොලෝ ඇතුලු නගර 160ක එම විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ වන විට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තාවන තුන්වන රටවන්නේ බ්‍රසීලයයි. එරටින් මේ දක්වා කොරෝනා දෙකෝටි දාහතර ලක්ෂය ඉක්මවා ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොරෝනා මරණ පන්ලක්ෂ 97,000ක්ද සමගයි. 

බ්‍රසිීලයෙන් මේ වන විටත් දෛනික මරණ 500ය ඉක්මවා වාර්තාවනවා. බ්‍රසීල ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විමර්ෂනයක් පවත්වන ලෙස එරට අධිකරණයද නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ලබන වසරේ බ්‍රසීල ජනාධිපතිවරණයටද වත්මන් ජනාධිපති ජයිර් බොල්සොනාරෝ තරග වැදීමට අපේක්ෂා කරන පසුබිමක මේවැනි විරෝධතා පැවැත්වීම විශේෂත්වයක්.