Monday, May 6, 2024

General line - 0115112241

ලොව විශාලතම නෞකාව කොළඹ වරායට




ලොව විශාලතම බහාලුම් නෞකාව වන “එවර් ඒස්” නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එම නෞකාව කොළඹ වරායට සේන්දු වී ඇත්තේ  ඊයේ රාත්‍රී 11 ට පමණයි.

මීටර් 399.9 ක දිගින් සහ මීටර් 68 යි දශම 5 ක පළලකින් යුත් මෙම නෞකාවේ රැගෙන යා හැකි බහාලුම් ප්‍රමාණය 23,992 ක්.

මෙම වසරේ ජූලි 28 වනදා මංගල ගමන දියත් කර ඇති මෙම නෞකාව කෙළඹ වරායට ළගා වූයේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායෙන්  පිටත්වී මාසක පමණ කාලයකට පසුවයි.

මෙතරම් විශාල නෞකාවක බහාලුම් හැසිරවිය හැකි වරායන් ලොව පුරා ඇත්තේ 24 ක් පමණයි.

ඒ අතරින් දකුණු ආසියාවේ එම නෞකාව නැංගුරම්ලා හැකි එකම වරාය වන්නේ කොළඹ වරායයි.