Monday, May 6, 2024

General line - 0115112241

සමූල ඝාතනයක් ගැන තලෙයිබාන් සංවිධානයට චෝදනා




තලෙයිබාන් සංවිධානය විසින් “අසාරා” ජාතිකයින් 13 දෙනෙකු ඝාතනය කර ඇති බවට “ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්” ආයතනය පවසනවා.

ඉකුත් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ දයිකුණ්ඩි පළාතේ පිරිසක් එලෙස සමූල ඝාතනය කර ඇති බවට තමන් සතුව සාක්ෂි ඇති බවයි “ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්” ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.

ඝාතනයට ලක්වුණ පිරිස අතර කුඩා දැරියක් සහ තලෙයිබාන් සංවිධානයට යටත් වූ පැවති රජයේ හමුදා සෙබලුන් 09 දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.