Wednesday, May 8, 2024

General line - 0115112241

පකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ ප්‍රබල භූ කම්පනයක්




පකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ අද ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තාවන්ට අනුව එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක5.9 ක්.

භූ කම්පනයෙන් ගොඩනැගිලි ද කඩා වැටී තිබෙනවා.  

මේ වනවිට වාර්තා වන දත්තවලට අනුව භූ කම්පනයෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට අනුමාන කෙරෙන්නේ ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී තවත් පුද්ගලයින් සිටිය හැකි බවට වාර්තා පළ වීමත් සමගයි.

භූ කම්පනයෙන් නිවාස සියයකට අධික සංඛ්‍යාවක් කඩා වැටී තිබෙනවා. කෙසේවෙතත් ඒ තුළ සිරවී ඇති පිරිස පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා වන්නේ නැහැ.