Wednesday, May 8, 2024

General line - 0115112241

රටවල් 54කට පැනවූ තහනම බ්‍රිතාන්‍යය ඉවත්කර ගනියි




කොවිඩ් වසංගතයත් සමඟ බ්‍රිතාන්‍යය විසින් රටවල් 54 කට පැනවූ සංචාරක රතු තහනම් ලැයිස්තුවෙන් රටවල් 47 ක් මේ වන විට ඉවත් කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් එම ලැයිස්තුවට ඇතුලත්ව ඇති රටවල් 07 වන්නේ පැනමා, කොළොම්ඹියා, වෙනිසියුලා, පේරු, ඉක්වදෝර්, හයිටි සහ ඩොමිනිකන් රාජ්‍යයි. 

කොරෝනා ව්‍යාප්තිය ඉහළ අගයක තිබූ දකුණු අප්‍රිකාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව ද එම ලැයිස්වෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට දින 10 ක හෝටල් නිරෝධායනය තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස අවුරුදු 18 ට අඩු එන්නත් ලබානොගත් දරුවන් බ්‍රිතාන්‍යයට  පැමිණිමේදී කුමක් සිදුකළ යුතුදැයි මෙතෙක් අනාවරණ කර නොමැති බවයි.