Tuesday, May 7, 2024

General line - 0115112241

2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට




2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට පිරිනමා තිබෙනවා. එම ත්‍යාගය හිමිවී ඇත්තේ, පිලිපීනයේ මාරියා රෙසා සහ රුසියාවේ දිමිත්‍රි මුරටොෆ් නම් මාධ්‍යවේදීන් දෙදෙනාටයි. ඒ, මාරියා සහ දිමිත්‍රි පිලිපීනයේ සහ රුසියාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් කළ ධෛර්යමත් කැපවීම වෙනුවෙන්. 

නිර්භීත අරගලයක් කළ මෙම මාධ්‍යවේදීන් දෙදෙනා එම පරමාදර්ශය වෙනුවෙන් පෙනී සිටින සියලු මාධ්‍යවේදීන්ගේ නියෝජිතයින් ලෙයසි නොබෙල් කමිටුව නම් කර ඇත්තේ. 

අපේක්ෂකයින් 329 දෙනෙකු අතුරින් තෝරාගත් ඔවුන් දෙදෙනාට අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක ත්‍යාගයක්ද හිමිව තිබෙනවා.