තායිවානයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් මියගිය ගණන 46 දක්වා ඉහළගොස් තිබෙනවා.
ගින්න හටගෙන ඇත්තේ මහල් 13 කින් යුත් ගොඩනැගිල්ලකයි. මෙම ගින්නෙන් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව රෝහල්ගත කර ඇති පිරිස 79 දෙනෙක්. ඉන් 14 දෙනෙකුගේ තත්ත්වය බරපතළයි. ගින්න නිවීම සඳහා පැය 4කට අධික කාලයක් ගතවී ඇති අතර ගින්න ඇතිවූ ආකාරය හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.