වැලිකඩ , වැල්ලම්පිටිය , මුල්ලේරියාව , තලංගම පොලිස් වසම්වල ඊයේ රාත්‍රීයේ සිදුකරන ලද මෙහෙයුමකදී රාත්‍රී කාලයේ එම ප්‍රදේශවල සැරිසරන ලද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 200 කට අධික පිරිසක් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඟිලි සලකුණු ලබාගැනීම හා අනෙකුත් විමර්ශණවලින් පසු එම පිරිසට අදට යෙදී ඇති වප් පුර පසළොස්වක පොහෝ දින නිමිත්තෙන් මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබඳ කාලීන ධර්ම දේශනාවකට සවන් දීමට අවස්ථාව සලසාදී තිබෙනවා.
ඒ, කෝට්ටේ චන්ද්‍රා ද සිල්වා ක්රීඩාංගණයේදීයි. බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාසය මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශයන් ආශ්‍රිතව මෙම වැඩසටහන ඉදිරියේදීත් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුවයි.