Sunday, November 24, 2024

General line - 0115112241

කරාපිටියේ වෛද්‍ය වර්ජනය තාවකාලිකව අවසන්




කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරු විසින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය තාවකාලිකව නතර කර තිබෙනවා.

එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකුට තර්ජනය කළ බව පවසමින් ඔවුන් වර්ජනයේ නිරත වුණා.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම් වෛද්‍ය අසංක කෝනාර මහතා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වර්ජනයේ නිරත වූ වෛද්‍යවරු, කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවිමට තීරණය කර තිබෙනවා.

අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් ලබන සඳුදා යළි වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම වෛද්‍යවරුවන් පැවසුවේ.