Sunday, November 24, 2024

General line - 0115112241

රාජ්‍ය සේවක වැටුප ගැන මැතිවරණ වේදිකාවල සාකච්ඡාව




සිය පක්ෂය සමගද රාජ්‍ය සේවකයන් එක්ව සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

කෙසේවෙතත් පසුගිය කාලසීමාවේ ජනතාව වෙනුවෙන් හඬ නැඟූ වෘත්තීය සමිති වර්තමානයේ නිහඬ වී ඇති බවයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසුවේ. 

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු  ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා දැක්වුයේ මෙවන් අදහසක්.

කෙසේවෙතත් පසුගිය රජයේ අමාත්‍යවරුන් ගත් අත්නෝමතික තීරණ නිවැරදි කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ.