මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ නැනෝ නයිට්රජන් දියර පොහොර පළමු තොගය අම්පාර දිස්ත්‍රික්කයේ වී ගොවීන් සඳහා බෙදා හැරීමට කටයුතු කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එම පොහොර බෙදාහරින බවයි.
අක්කර 05 ට අඩු වගාවන් සඳහා එම දියර පොහොර නොමිලේ ලබාදෙන බවයි කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකාවඇණවුම් කළ නැනෝ නයිට්රජන් දියර පොහොර පළමු තොගය අද අලුයම ගුවන් මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා.
ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 1156 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්.
මෙවර මහ කන්නය වෙනුවෙන් නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇණවුම් කර තිබෙනවා.
ඉන් පළමු තොගය ලෙස අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ ලීටර් ලක්ෂයක ප්‍රමාණයක්.
මෙම පොහොර තොගය භාර ගැනීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන , රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ඩී.වී.චානක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එච්.එස්. අජන්ත ද සිල්වා, ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.