Sunday, November 3, 2024

General line - 0115112241

තුර්කි සිනමා උළෙලකදී ලොව හොදම විදෙස් කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනූ, හසන්ත දිවයිනට




තුර්කියේ පැවති 07 වන අන්තර්ජාතික සකර්යා ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලේදී , ලොව හොඳම විදෙස් කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්  ශ්‍රී ලාංකික තරුණ සිනමා නිර්මාණකරු හසන්ත දිසානායක අද දිවයිනට පැමිණියා. 

තුර්කියේ සංචාරක සහ සංස්කෘතික අමාත්‍යාංශය සහ එරට සකර්යා විශ්ව විද්‍යාලය සමග එක්ව සංවිධානය කර තිබූ මෙම චිත්‍රපට උළෙල සඳහා ලොව පුරා රටවල් 197 ක තරගකරුවන්ගේ නිර්මාණ 7,000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණා.

 “මට්න්” නමින් නම් කර තිබූ හසන්ත දිසානායකගේ මෙම කෙටි චිත්‍රපටය ඉරානයේ සහ දකුණු කොරියාවේ චිත්‍රපට සම්මාන උළෙලවලදී ද අවසන් වටය නියෝජනය කර තිබෙනවා. හසන්ත දිසානායක කැළණිය විශ්ව විද්‍යාලයේ , සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ ගෞරව උපාධි අපේක්ෂකයෙකු වනවා. 

දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීම සඳහා සිනමාවේදීන්, රංඟන ශිල්පීන් කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් සහ එම විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා. සිය ජයග්‍රහණය පිළිබඳ හසන්ත දිසානායක නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

මෙම සම්මාන උළෙලේදී තමන් ලැබූ අත්දැකීම් පිළිබඳව ද හසන්ත දිසානායක නෙත් නිවුස් වෙත කරුණු දැක්වුවා.