රට යළි විවෘත කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම කාර්්‍යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව.
මේ අතර සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ ප්‍රතිදේහ නිපදවීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් සිදුකළ නවතම පර්යේෂණ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මෙහිදී අදහස් පළ කළා.
ඔහු පෙන්වා දුන්නේ එහි සඳහන් කරුණුවලින් එක් කරුණක් පමණක් සමාජ මාධ්‍ය මඟින් වාර්තා කර ඇති බවයි.