කලකින් නොදුටු සිය සිසු දැරියන්ගේ සතුටු මුහුණු සජීවීව දැකීමට ගුරු පියවරුන් හා ගුරු මෑණිවරුන් හෙට පාසැලට පැමිණෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
පාසැල් දරුවන්ගේ අනාගතය මව්පියන්ගේ සතුට පමණක් නොව මුලු මහත් ජාතියේම සතුට බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ.
එම සතුට රැගෙන ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් හෙට නැවතත් පාසැල් බිම හැඩ කරනු ඇති බවයි හෙටින් ඇරඹෙන නව පාසැල් වාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එමෙන්ම පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත්, බස්නාහිර සිට නැගෙනහිර දක්වාත් විසිරී සිටින පාසැල් දරුවන් හා ගුරුවරුන් පාසැලට පැමිණීම කිසිවෙකුට නැවතිය නොහැකි බවද අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ විශේෂ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙනවා.