ළමුන් දෙසියට අඩු පාසල් අද දිනයේ ආරම්භ වුවද බොහෝ පාසල්වල ගුරුවිදුහල්පතිවරුන්ගේ මෙන්ම සිසුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. උතුරු මැද පළාතේ පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල අද දිනයේදී ළමුන් පැමිණීම අඩුවක් දක්නට ලැබුණා.
පොලොන්නරුව නැගෙනහිර පලුගස්දමන ප්‍රාථමික විද්‍යාලයේ 1 ශ්‍රේණිය සඳහා එක් දැරියක් සහ ගුරුවරු තිදෙනකු පමණක් පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අද දිනයේ ආරම්භ වූ බොහෝ පාසල්වලට පොලිස් ආරක්‍ෂාවද යොදවා තිබීම විශේෂත්වයක්.