Sunday, November 3, 2024

General line - 0115112241

ඩුබායි රැකියා දෙන බවට ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් රක්‍ෂිත බන්ධනාගාරයට




ඩුබායිහී රැකියා සදහා සංචාරක වීසා මගින් තරුණයන් යවන බව පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවළක් ලබන 29 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

උපාය දූතයකු මාර්ගයෙන් ජාවාරම්කාර යුවළ කුරුණෑගල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයට ගෙන්වාගෙන ඇති අතර එහිදී සිදුකරන ලද මූලික විමර්ශනයෙන් අනතුරුව කාර්යාංශ නිලධාන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායිහි රැකියා ලබාදෙන බවට එම සැකකාර යුවළ එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 9 බැගින් මුදල් ලබාගෙන ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.