පවතින කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන් පාසල් වෙත එවීමේදී මව්පියන් වඩා සැලකිල්ලක් දැක්විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එසේ නම් දරුවන් පාසල් වෙත එවීමේදී මව්පියන් වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? මේ, ශ්‍රී ලංකා පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන.
කිසියම් හෝ ආබාධයක් සහිත දරුවෙකුවේ නම් ඒ පිළිබද මව්පියන් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා.
මේ අතර අවුරුදු 18 - 19 වයස් කාණ්ඩයේ පසුවන පාසල් දරුවන් එන්නත් කිරීම අද දිනයේ සිට ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.
එහි නියමු ව්‍යාපෘතිය ඉකුත් සිකුරාදා ආරම්භ කෙරුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.