Sunday, November 3, 2024

General line - 0115112241

කොට්ටාව පොලීසිය තුළදීම සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට කිහිලිකරු ප්‍රහාරයක්




කොට්ටාව පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී එම් නවරත්න ප්‍රහාරයකට ලක්වී තුවාල ලැබීම හේතුවෙන් කළුබෝවිල ශීක්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහරගම නගර සභාව විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට විත්තිකරුවන් පොලීසියට කැඳවා තිබුණා.

ඒ සදහා විත්තිය වෙනුවෙන් පැමිණි පුද්ගලයා කිහිලිකරුවක ආධාරයෙන් පැමිණි අතර ඇති අතර ඔහුගේ සහායට පුතනුවන් දෙදෙනෙකුද පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පොලීසිය පැමිණිලිකරුගේ පාර්ශවයට වාසිදායක ලෙස පැමිණිල්ල විභාග කළා යැයි විත්තිකරු පොලිස් නිලධාරියාට එහිදී කිහිලිකරුවෙන් පහරදී තිබෙනවා. 

සිද්ධියට අදාළ විත්තිකරු සහ ඔහුගේ පුතණුවන් දෙදෙනා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

කොට්ටාව පරණ පාරේ පදිංචි ඔහු ඉවත දමන කුණු කසල වෙන් නොකර මහරගම නගර සභාවේ ට්‍රැක්ටරයට බලහත්කාරයෙන් දැමීමට එරෙහිව නගර සභා කම්කරුවෙකු මෙලෙස කොට්ටාව පොලීසියට පැමිණිලි කර තිබුණා.