ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් මෙරටින් මේ දක්වා හදුනාගෙන නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ඒ, පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී ඇති බවයි.
එංගලන්තය ද ඒ අතරට අයත්. සෞඛ්‍ය අංශ පැවසුවේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මෙරටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි.
ජනතාවගේ හැසිරීම් මත රටේ අනාගතය තීරණය වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද අද පැවසුවා.
මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය තවත් වසරක් පුරාවට පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ඒ, දිළිඳු රටවලට අවශ්‍ය එන්නත් නොලැබීම හේතුවෙන්.