ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද අද දිනයේ සිදුවූ පාසල් ආරම්භය සාර්ථක බව ආණ්ඩුව පවසනවා. කෙසේවෙතත් වෘත්තීය සමිති පවසන්නේ බොහෝ පාසල්වලට අද දිනයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් රාජකාරියට වාර්තා නොකළ බවයි.
ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද ආරම්භ කෙරුණේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දමා මාස 6 කට පසුවයි. කෙසේවෙතත් අද දිනයේ පාසල් වෙත ගුරුවරු විදුහල්පතිවරුන්ගේ මෙන්ම සිසු දරු දැරියන්ගේ පැමිණීමේද අඩුවක් දක්නට ලැබුණා.
විවෘත කළ පාසල්වලට පොලිස් ආරක්ෂාවක් යොදා තිබීමද විශේෂත්වයක්. අද දිනයේ විවෘත වූ බොහෝ පාසල්වල විවිධ උත්සව සංවිධාන කර තිබුණේ පැමිණි සිසු දරු දැරියන් සහ ගුරුවරුන් පිළිගැනීමටයි. එහෙත් ඇතැම් පාසල්වල පන්ති කාමර වසා දමා තිබීම හේතුවෙන් පාසල්වලට පැමිණි සිසු දරුදැරියන් මෙන්ම මව්පියන්ද පත්වූත්ය් දැඩි අපහසුතාවකටයි.
බොහෝ පාසල්වලට අභ්‍යාසලාභී උපාධිධාරීන්ද පැමිණ සිටිනු දක්නට ලැබුණා. ඇතැම් ප්‍රදේශවල පාසල් වෙත පැමිණ තිබුණේ අභ්‍යාසලාභී උපාධිධාරීන් පමණයි.
ග්‍රාමීය ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ පාසල්වල සිසු සහභාගිත්වය තරමක අඩු තත්ත්වයක තිබූ බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවසුවේ.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ අද දිනයේ පාසල් විවෘත කිරීම සතුටුදායක මට්ටමක පැවති බවයි.
කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගෙන් සියයට 98 ක් ම අද පාසල් පැමිණ නොමැති බවයි.
මේ අතර ලබන 25 වනදායින් පසුව රජය විසින් තීරණය කරනු ලබන ඕනෑම දිනයක සිට කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.