මෙවර මහ කන්නයට අවශ්‍ය නයිට්‍රජන් දියර පොහොර මෙරටට ගෙනවිත් තිබියදීත් සිය වගාවන්ට පොහොර ඉල්ලා ගොවීන් අදත් විරෝධතාවල නිරත වුණා. දඹානේ ආදිවාසීන්ද ඒ අතරට අයත්වීම විශේෂත්වයක්.
පාර්ලිමේන්තුවේදීද පොහොර අර්බුදය සම්බන්ධයෙන් අද අදහස් පළ වුණා. මේ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
මේ අතර ගොවිජන සේවා නිලධාරීන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කළේ හරි දේ කිරීම විශාල අභියෝගයක් බවයි. ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බව ද ජනාධිපතිවරයා පැවසුවා.