රටේ තෙල් හිගයක් නොමැති බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන්ට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ බොරතෙල් බැරලයක් සදහා වූ ආනයන වියදම් ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත් මෙරට තුළ ඉන්ධන මිල වැඩිවීමක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මෙහිදී පැවසුවේ.