මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 75,763 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන පන් ලක්ෂ 69,770 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
ඊයේ දිනයේදී ලබාදී ඇති සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රා ගණන 3,969 ක්. මේ අතර ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 72,228 දෙනෙකු දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගනිමින් සිය එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙනවා.
ඒ අතරින් පුද්ගලයින් 59,428 දෙනෙකුම සයිනොෆාම් දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින්. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සිටි තවත් පුද්ගලයින් 6,180 දෙනෙකු ද ඊයේ දිනයේදී සිය දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගෙන තිබෙනවා.