Sunday, November 3, 2024

General line - 0115112241

මන්දකට හසු වි මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් තේ වත්තකින් හමුවෙයි

රංජිත් රාජපක්ෂ




මන්දකට හසු වි මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් තේ වත්තේ තිබි ඊයේ (21) දින සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක ප්‍රකාශ කර සිටිනවා.

නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වත්තේ ඉහල කොටසේ තේ වත්තේ අටවා තිබු මන්දකට හසු වි කදුකර කොටියෙකු මියගොස් ඇති බවට තම කාර්යාලය වෙත ලද තොරතුරක් මත මියගිය කදුකර කොටියාගේ සිරුර සොයාගත් බවයි ඔහු සඳහන් කර සිටියේ.

අවුරුදු 04 පමණ වයසැති හොදින් වැඩුණු කඳුකර කොටියා ගැහැණු සතෙකු බවත්,කොටියාගේ බඳ ප්‍රදේශය මන්දට හසු වි දින ගණනාවක් තේ වත්තේම තිබි ඇති නිසා සිරුර නරක් වි තිබු බවද සඳහන් කර සිටියා.

සතුන් දඩයම් කිරිම සදහා තේ වත්තේ අටවන ලද මන්දකට ගොදුරු සොයා පැමිණි කදුකර කොටියා හසුවන්නට ඇති බවට වනජිවි නිලධාරි සැකකරයි.

මිය ගිය කදුකර කොටියාගේ සිරුර හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්රාදත් ඒ.අයි.හෙට්ටිවත්ත මෙනවිය වෙත ඊයේ දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට නියෝග කර සිටියේ.