Saturday, November 2, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුදල් සොරකම් කළ අයකැමිවරයාට ඇප

කපිල සෝමරත්න - පානදුර




දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම - ගැළණිගම අන්තර් හුවමාරුවේ මුදල් සේප්පුවෙන් මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එහි ප්‍රධාන මුදල් අයකැමි ඩී මධුසංක නැමැත්තාට පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියමකර තිබෙනවා.

ඒ, රුපියල් ලක්ෂ දහයක මුදල් ඇපයක් හා ඇපකරුවන් දෙදෙනෙකු සහිතවයි. සැකකරු විසින් සොරාගත් බව කියන මුදල රුපියල් ලක්ෂ දාහතරකට ආසන්නයි.