Saturday, November 2, 2024

General line - 0115112241

ඇල්ලවල දියඇල්ලේ ගිලි මියගිය එකම පවුලේ තිදෙනාගෙන් දෙදෙනකුට කොවිඩ්

ජයන්ත වීරසේකර - වැල්ලවාය 




වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් ඉකුත් 20 වෙනිදා දියේ ගිලී මිය ගිය එකම පවුලේ තිදෙනාගෙන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

එහිදී කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා, පුතා සහ දියණිය මෙසේ දියේ ගිලී මියගිය අතර ඔවුන්ගේ පියාට සහ පුත්‍රයාට මෙලෙස කොවිඩ් ආසාදිත වී ඇති බවට අනාවරණය වී ඇත.

ඔවුන්ගේ මල සිරුරු සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා එම මල සිරුරු වැල්ලවාය මූලික රෝහලට රැගෙන විත් සිදු කල PCR පරීක්ෂණයකදී ඔවුන්ට මෙලෙස කොවිඩ් ආසාදිත වී ඇති බවට හදුනාගෙන තිබේ.