Thursday, May 2, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බකරැවන්ගේ පවුල්වලට මුදල් සහ ඉඩම්




ගතවූ දශක දෙකක කාලය තුළ ඇමරිකානු සහ ඇෆ්ගනිස්තාන හමුදාවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ වූ බෝම්බකරැවන්ගේ පවුල්වල සාමාජිකයන්‍ට තලේබාන් පාලකයන් විසින් මුදල්, ඉඩම් සහ ඇදුම් ප්‍රදානය කර තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, ඇෆ්ගනිස්තානයේ තලේබාන් අන්තර්වාර රජයේ වැඩබලන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සරාජුඩීන් හක්කානි විසින් කාබුල්හි ඉන්ටර්කොන්ටිනල් හෝටලයේ පැවති උත්සවයකදී මෙම ප්‍රදානයන් සිදුකර ඇති බවයි.

මෙම උත්සවය පැවති හෝටලයද අවස්ථා ගණනාවකදීම තලේබාන් සංවිධානයේ මරාගෙන මැරෙන  බෝම්බකරැවන්ගේ ප්‍රහාරයට ලක්වූ එකක් බව විදෙස් වාර්තා සදහන් කළා.

මෙහිදී මරාගෙන මැරෙන බෝම්බකරැවන් සැබෑ වීරයන් ලෙස නම් කර ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පවුල්වල සාමාජිකයන්ට ‍ඇෆ්ගනිස්තානයේ මුදල් ඒකකය වන  ඇෆ්ගානි 10,000 බැගිනුත්, ඉඩම් ලබාදීමට අදාළ පොරොන්දු පත්‍රත්, ඇදුම්පැලදුම් ආදියත් පිරිනමා ඇති බව සදහන්.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ ඇෆ්ගනිස්තානයේ තලේබාන් අන්තර්වාර රජයේ වැඩබලන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සරාජුඩීන් හක්කානි ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්ත ලැයිස්තුවේ නම සදහන් තැනැත්තකු වන අතර ඔහු වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 05 ක මිලක්ද නියම කර තිබෙනවා.