Sunday, November 3, 2024

General line - 0115112241

පොහොර අර්බුදය උපරිමයට ලඟා වෙමින් ඇතැයි විශේෂඥයින් කියයි




රසායනික පොහොර භාවිතය නතර කිරීම හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයේ අර්බුධය මේ වනවිට උපරිමයට ළඟා වෙමින් ඇතැයි කෘෂිකර්ම විශේෂඥයින් පවසනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ කේ අයි යූ අරුණ කුමාර පැවසුවේ මෙරටට ගෙන්වා ඇති නැනෝ නයිට්‍රජන් දියර පොහොර සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවයි.

ඔහු සඳහන් කළේ ඉතිහාසයේ පළමු වරට පොහොර ගුවනින් ගෙන්වීම තුළින්ම අර්බුධයේ සැබෑ තත්ත්වය පෙනී යන බවයි. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විශයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ මෙරටට ගෙන්වූ පොහොරවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවතින බවයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවසුවේ වී ගොවීන්ට පමණක් නොව කාබනික පොහොර නිෂ්පාදනය කරන එළවළු ගොවීන්ට ද දිරි දීමනාවක් ලබාදිය හැකි බවයි.

මේ අතර මෙවර මහ කන්නය සඳහා ලබා දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර හා නැනෝ නයිට්‍රජන් දියර පොහොර වගාවට යොදා ගතයුතු ආකාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මඟ පෙන්වීම අනුව නයිට්‍රජන් දියර පොහොර වගාවට යොදා ගතයුතු බවයි. ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශකවරුන්ගෙන් ඊට අදාළ උපදෙස් ගොවීන්ට ලබාගැනීමට හැකියි.

කෙසේ වෙතත්, මහා කන්නයේ වගා කටයුතු ආරම්භ වීමත් සමඟ පොහොර සම්බන්ධයෙන් මතුවූ විරෝධතා මේ වන තෙක් අවසන් වී නැහැ.