පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහි ප්‍රධාන අරමුණ වන්නේ මේ වනවිට වෙළෙඳ තුළ පවතින සීනි හිඟය සම්බන්ධයෙන් සාකච්චා කිරීමයි.
නෙත් නිවුස් දිගිනි දිගටම අනාවරණ කළේ රටේ ප්‍රදේශ රැසකින් සුදු සීනි හිඟයක් පවතින බවයි.
ඒ, සීනි සඳහා රුපියල් 122ක උපරිම සිල්ලර මිලක් ද නියම කර ඇති පසුබිමකයි. ඉකුත් සැප්තැම්බර් 02 වනදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දන්වා සිටියේ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙස සහ පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන බවයි.
කෙසේ වෙතත් පාළන මිලට සීනි අලෙවි කිරීමට නම් ඊට වඩා අඩු මිලකට සීනි තොග ලැබිය යුතු බවයි වෙළෙඳුන් පවසන්නේ. ගැසට් පත්‍රයට අනුව ආනයනකරු විසින් සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 116ක් ලෙස දක්වා තිබුණද එම මිලට ගැනීමට සීනි නොමැති බව ඔවුන්ගේ චෝදනාවයි.
ඇතැම් ප්‍රදේශවල වෙළඳසැල්වල සීනි නොමැති බවට වන පුවරු පවා සවිකර ඇති අයුරු දැකගත හැකියි. ඇතැම් වෙළෙඳසැල්වල සීනි අලෙවි වන්නේ රුපියල් 135 ත්, රුපියල් 145 ත් වැනි පාලන මිල ද ඉක්මවා යමින්.