Friday, May 3, 2024

General line - 0115112241

ලොවපුරා සෞඛ්‍ය සේවකයින් ලක්ෂයක් කොරෝනාවට බිලි වෙයි




කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 80,000 ත් එක් ලක්ෂ 80,000 ත් අතර පිරිසකට ජීවිත අහිමිවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

ඒ, ඉකුත් වසරේ ජනවාරි සිට මේ වසරේ මැයි දක්වා කාලය තුළයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තොරතුරු අනාවරණ කළේ කොරෝනා ව්‍යාප්තිය ලබන වසර දක්වාද ව්‍යාප්ත වනු ඇති බවට අනතුරු අඟවා ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මේ වන විටත් ලොව පුරා සෞඛ්‍ය සේවකයින් මිලියන 135 ක් කොරෝනා වෛරසයෙන් ජනතාව බේරාගැනීම සඳහා තවදුරටත් කැපවී සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 119 ක දත්ත ඇසුරෙන් සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ලොව පුරා සෑම සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු හෝ පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවයි.