Saturday, November 2, 2024

General line - 0115112241

අවුරුදු 16 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ පාසැල් සිසුන්ට අද සිට කොවිඩ් එන්නත




වයස අවුරුදු 16 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ සියලු පාසැල් සිසුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද සිට දීප ව්‍යාප්තව ආරම්භ වුණා. යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ විදුහල්පතිවරයා දන්වන වේලාව අනුව පාසැල්වලදී කොරෝනා මර්දන එන්නත් ලබාදෙන බවයි. මෙලෙස දරුවන්ට ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 75,763 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා. ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන පන් ලක්ෂ 69,770 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. 

ඊයේ දිනයේදී ලබාදී ඇති සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රා ගණන 3,969 ක්. මේ අතර ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 72,228 දෙනෙකු දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගනිමින් සිය එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙනවා. ඒ අතරින් පුද්ගලයින් 59,428 දෙනෙකුම සයිනොෆාම් දෙවැනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින්. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සිටි තවත් පුද්ගලයින් 6,180 දෙනෙකු ද ඊයේ දිනයේදී සිය දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගෙන තිබෙනවා.